Colombo Today Local News

මැකෝ වෙනුවෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය උසාවි එයි

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා ඊයේ(23) මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යවමින් තම සංවිධානය වීදි තිරමත හා සිනමාශාලා තුළ ප්‍රධර්ශනය කිරීම තහනම් කරමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද නියෝග අභියෝගයට ලක්කරමින් සමාගමක් විසින් ගරු අභයාචනාධිකරණයේ පවරා ඇති නඩුව සඳහා ජනතාව වෙනුවෙන් කරුණු දැක්වීමට ඉදිරිපත් වන බව දැනුම්දී ඇත.

එම ලිපිය….


23-10-2019
මහින්ද දේශප්රියය මහතා,
සභාපති,
ජාතික මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

ගරු සභාපතිතුමනි,

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක දැන්වීම් සම්බන්ධව.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්රිචාරක දැන්වීම් වීදි තිරමත හා සිනමාශාලා තුළ ප්‍රධර්ශනය කිරීම තහනම් කරමින් ඔබ විසින් නිකුත් කරන ලද නියෝග අභියෝගයට ලක්කරමින් සමාගමක් විසින් ගරු අභයාචනාධිකරණයේ මේ වන විට නඩුවක් පවරා ඇත.
එකී නියෝග නිකුත් කිරීම පිළිබදව ඔබතුමා වෙත අප සංවිධානයේ ස්තුතිය පළ කරන අතර එම නඩුවට ජනාතාව වෙනුවෙන් කරුණු දැක්වීම සදහා අප සංවිධානය එකී නඩුවේ පාර්ශවකරුවෙකුවීමට සදහා කටයුතු සූදානම් කරමින් සිටී.

ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිපත්ති දැනගැනීම පමණක් ජනතාව හැටියට අපට වැදගත් වන අතර එම ප්රධතිපත්ති ජනතාවට දැන ගැනීමේ කාර්යය මේ වන විට විද්යුාත් හා මුදිත මාධ්ය ඉටුකරමින් සිටී. වීදි තිරයක හෝ සිනමාශාලාවක ඉතා කුඩා වේලාවක් දැන්වීමක් ප්ර දර්ශණය කිරීමෙන් ජනතාවට කිසිදා ජනාධිපති අපේක්ෂකයෙකුගේ ප්රාතිපත්ති පිළිබදව දැන ගැනීමට නොහැකි බව අප සංවිධානයේ මතයයි. තවද අප මුදල් ගෙවා ප්ර වේශ පත්රපයක් රැගෙන සිනමා ශාලාවක් වෙත යන්නේ චිත්රවපටය නැරබීමට මිස දැන්වීම් නැරබීමට නොවන බවද අවධාරණය කරමු.

ජනතාව‌ෙග් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අප නිබදව පෙනී සිටි අතර ඉදිරියේදීත් පෙනී සිටින නමුත් අනවශ්යෙ ආකාරයට ජනතාවට හිරහැරයක් වන ආකරයට පෝස්ටර් හෝ කටවුට් ප්රිදර්ශණය කරන අපේක්ෂකයින්ට දැඩිව නීතිය ක්රිායාත්මක කරන ලෙසද අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්යා පාරය

Related posts

අදත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

මෙරට තායිලන්ත තානාපතිගේ නිවසට හොරු පනී… කෝටි 100ක බඩු උස්සලා

Admin

වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයි

Admin

මහින්ද පිළේ 15ක් ආණ්ඩුවට එකතු වෙන්න කැමැත්ත පළකරා – රාජිත

colombotoday

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අගහරුවාදා… ශ්‍රීලනිපයේ 5කුත් එයි…

colombotoday

ජනපති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය හමුවෙයි.. ජනපතිගෙන් ජනතාවට සහතිකයක්

colombotoday