Colombo Today Local News

12.5% බස් ගාස්තු සංශෝධනය, බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට විරුධයි – රංජිත් විතානගේ

6.5% බස් ගාස්තු සංශෝධනයක් කිරීම සදහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුනනත් ඉන් ඔබ්බට ගොස් 12.5% ක බස් ගාස්තු සංශෝධනයක් හා රුපියල් 12 දක්වා අවම බස් ගාස්තුව වැඩිකිරීම සදහා නියෝජ්‍ය ප්‍රවාහන ඇමතිවරයා විසින් කටයුතු කිරීම බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට එරෙහිවයාමක් බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටින්නේ, බස් ගාස්තු සංශෝධනයක් සදහා සාධක 12 ක් සලකා බලන බවයි. ඒනම් ඉන්ධන මිල, සේවක වැටුප්, දැවිතෙල් හා සේවා, ටයර්,අලුත් වැඩියා,දෛනික වියදම්,මාසික වියදම්,වාර්ෂික වියදම්,ක්ෂවීම්,ෆිනෑන්ස් සේවා හා වගකීම යන ආදියයි.මෙම සාධක වල වෙනස්වීම අනුව අදාල සංශෝධන කරනු ලබයි.
නැවත බස් ගාස්තු සංශෝධනයක් කල හැක්කේ ජූලි මාසයේ වන බැවින් එම සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ බස් ගාස්තු සංශෝධනය වහා හකුලා ගන්නා ලෙසය. එසේ නොකළ හොත් සමස්ත මගී ජනතාව වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතීමට සූදානම් බවත් එම සංවිධානය අවධාරණය කර සිටිනවා.

දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නම් ජාතික ප්‍රවාහන කොමිසමක් නඩත්තු කරන්නේ ඇයිද? යන්න රන්ජිත් විතානගේ මහතා රජයෙන් ප්‍රශ්න කර සිටිනවා.

Related posts

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

හරීන් ප්‍රනාන්දු සහ ජනපති සොයුරු ත්‍රස්තප්‍රහාරයේ සැකකරුට ටෙලිකොම් තඔ ටෙන්ඩරයක් දීලා.

colombotoday

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

Admin

සිංහල ජාතිය වද කරන මහා සැලැස්මක් ! වෛද්‍ය ෂාෆි තනි පුද්ගලයෙක් නොවේ… සියළුම මුස්ලිම් VOGලාගේ වැඩ තහනම් කළ යුතුයි – සෝභිත හිමි

colombotoday

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin

ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

colombotoday