BusinessTop Stories

අද ඉතිහාසයේ රුපියලේ පහළම අගය වාර්තා වේ

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය.

රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.

මේ වසරේ ජනවාරි 1 වැනිදා මැයි 11 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.

පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.

Related posts

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

colombotoday

කිරිපිටි පැකට් වල මිල වැඩි කළා සේම දියර කිරි ලිටරයක මිලත් රු 20 කින් ඉහල දමන ලෙස කිරි ගොවියන් ඉල්ලයි.

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

colombotoday

මුදල් ගෙවා විදෙස් සංචාර යන්න කලින් පොලිසියේ නවතින්න අවශ්‍යනම් Blue ocean සමාගමේ තුමිලන් හමුවන්න

colombotoday

දඹදෙණිය ශ්‍රිනිප සංවිධායක ශාන්ත බණ්ඩාර එජාපයට පනී

colombotoday

ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරටදී නිපදවීමට රුසියාවේ සහාය

colombotoday