වත්මන් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට පසුගිය රජය සමයේ කළ කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබේ.
එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදුකළ දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත.
අත්වැරදීමකින් ගිනි අවිය පත්තු වූ බව පවසමින් මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය සිදු කරනු එම හඬපටයේ සටහන් වී ඇත. ඒ සඳහා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද උපදෙස් ලබාදෙමින් දෙනු ඇසේ.
පොලිස්පතිවරයාද තමනට උපදෙස් දුන්නේ යයිද රාමනායක මහතා විසින් එහිදී හිටපු අගමැතිවරයාට කියයි.