Colombo Today Local News

නියෝජ්‍ය ඇමති රන්ජන්ට වැඩ වරදින ලකුණු…

මෙරට අධිකරණ විනිසුරුවරුන් හා නිතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවට නි. රන්ජන් රාමනායක මහතා කර ඇති ප්‍රකාශය පිරික්සීමේදී එමගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව බැලූ බැල්මට පෙනී යන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

අද මෙම නඩුව කැඳවනු ලැබුවේ ඊවා වනසුන්දර සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙහිදී වග උත්තරකාර පාශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ලිඛිත දේශන ගොනුකරමින් අධිකරණයට පෙන්වා දුන්නේ, මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි බවයි.

නඩුව ලබන 18 වන දා තෙක් කල් තැබිණ.

Related posts

චන්ද්‍රිකාගේ ‘සංහිදියා‘ කියුම් කෙරුම් ගැන කෝට්ටේ මහා සංඝ සභාවෙන් දැඩි අප්‍රසාදය !

colombotoday

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්..

colombotoday

කෝටි 82ක් වැඩියෙන් ගෙවා පොහොර ගෙන්වීමේ සූදානමක් !

colombotoday

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට..

Admin

කුළියට සාමාන්‍ය පෙළ ලියු අයෙක් අත්අඩංගුවට

colombotoday

ජනක රත්නායක – සුගත් ධර්මකීර්ති මානව හිමිකම් කොමිසමට

Admin