Colombo Today Local News

ඔබට අනාගතයක් ලබලා දෙන්න මම අකමැත්තෙන් හෝ ගිහින් ජාත්‍යන්තරයෙන් හිඟාකෑවා – රනිල් වික්‍රමසිංහ

දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් තමන්ට අකමැත්තෙන් වුවත් ජාත්‍යන්තරයට ගොස් හිඟාකෑමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම ගෙවී ගිය අසීරු කාලයට නැවත ගමන් කිරීමට කිසිවෙකුත් කැමැති නැති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“2022,2023 වර්ෂ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපි දන්නවා මෙතෙන ඉන්ධන පිරවුම්හල ළඟ තිබුණ දේවල්. විදුලිබලය තිබුණේ නෑ. කොහෙන්ද තෙල් හොයාගන්නේ කියලා දෙමව්පියෝ බලනවා. ආහාර නෑ. හරි අමාරුවෙන් අපි ගියේ. මම හිතන්නේ නෑ කවුරුත් ඒ යුගයට යන්න කැමතියි කියලා. ඒ යුගයට යන්න කැමති අය අතඋස්සන්න කිව්වොත් කවුරුත් අත උස්සන්නේ නෑ. ඒක වුණේ අපේ කාලේ. ඔයාලා ශිෂ්‍යයින් වෙලා ඉන්න කාලේ. මම බලන්නේ ආපහු ඔබේ අනාගතයේ දී මෙය නොවෙන ආකාරයෙන් ශක්තිමත් ආර්ථිකයක් හදලා දෙන්න. ආපහු වැඩිහිටි වුණාම තෙල් හොයාගෙන යන්න වැඩක් නෑ. රැකියා නැතිවෙන්න වැඩක් නෑ. ඒ ඔක්කෝම නැතුව ශක්තිමත් ආර්ථිකයක් හොයලා දෙන්න මේක ඉදිරියට යන්න. අපිට මේ කාලේ රටවලින් සල්ලි ඉල්ලන්න වුණා. මම අකමැත්තෙන් හෝ ගිහින් හිඟාකෑවා. ඔබට අනාගතයක් ලබලා දෙන්න. මම හිතන්නේ නෑ ඔබලා වැඩිහිටියන් වූ සමාජයක ආණ්ඩුව ගිහින් හිඟාකනවාට.”

කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවැත් වූ පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

ඉන්දියාවෙන් ඩීසල් එන්ජින් 20ක් නොමිලේ ශ්‍රී ලංකාවට..

Admin

අද එල්.පී.එල් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිකන් බලන්න අවස්ථාව

Admin

” හිඟයකින් තොරව විදුලිය සපයන්න හැකියාව ලබාදෙන්න කියලා මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.”

colombotoday

ඡන්ද පොලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම් කරන්නන්ගේ ඡායාරූප මාධ්‍යයට.| මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday