Colombo Today Local News

මිට කලිනුත් එක් අයෙක් හප්පා මරලා.. අනතුරට ලක්වූ රථයේ තිබී කඩුවක්, මුගුරක් හමුවෙයි.. ඇමති පුතා ආගිය අතක් නෑ

රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රියක් පෙරේදා රාත්‍රියේ හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණු අතර, කැබ් රථය ගැටුණු නිවසටද දැඩි අලාභහානි සිදුවී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ ඇමති පුත්‍රයා බීමතින් සිටි බව පැවසෙන අතර, තුවලා ලැබූ ඔහු රෝහල්ගත කර තිබෙනවා. ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු රෝහලෙන් පිටව ගොස් ඇතත්, මේ වන තුරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේම අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුල තිබී විදේශීය මත්පැන් බෝතලයක්, මෙන්ම කඩුවක් සහ මුගුරක්ද සොයාගෙන තිබෙනවා.

මීට පෙරද අමාත්‍ය පුත්‍රයා විසින් ආණමඩුව ඉගිනිමිටිය ප්‍ර දේශයේදී එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනෙකුට තුවාල කරමින් අනතුරක් සිදු කර තිබුණු අතර, තවත් අනතුරකින් ආනමඩුව ප්‍රදේශයේ දෙදරු පියෙකු මියගොස් තිබුණා.

Related posts

මැයි 31 තෙක් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

colombotoday

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

දිවුරුම්දීම ඇරඹෙයි.. දුමින්දගේ, අමරවීරගේ ඇමතිකම් මාරුවෙයි

colombotoday

අර්ථසාධක අරමුදලේ ආයෝජනවලටත් රවී තට්ටු කරයි.. 14% ක බද්දක් ගහන්න යයි !

colombotoday

බදුර්දීන් මුලතිව් කුලාමරිප්පු රක්ෂිතයට බහී.. නීති විරෝධීව අරාබි කොලණියක් හදන්න යයි

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin