Colombo Today Local News

හිටපු ජනපති මහින්ද මට ටෙලිෆොන් කරනව.. එක එක වැඩ කියනවා.. ඒවත් මම කරල දෙනව

rajitha-sහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමාට කතා කර තවමත් ඇතැම් කාර්යයන් පවරන බවත් ඒවායින් කළ හැකි දේවල් ඉටුකිරීමට තමා කටයුතු කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට තමන් සමග එක්වන ලෙස ආරාධනා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 47 වන සංවත්සර මහා සමුථව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ඊයේ (16) පැවැත්විණි.

“මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවොයි මමයි මොකටද සටන් කළේ. ජේ ආර් ගේ ව්‍යවස්ථාව හකුලා ගනිව් කියලා.. ඔබ වහන්සෙයි මමයි පිකටින් කීයක් තිබ්බද?.. පෙළපාලී කීයක ගියාද?.. දැන් මම එතන ඉන්නවා.. ඔබ වහන්සෙත් ඉන්න එපැයි මට ඉස්සරහින්. හැත්තෑ ගණන්වලදි තිබ්බ අපේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න දැන් ආණ්ඩුවක් හම්බවෙලා තියෙනවා. ආණ්ඩුව හම්බවුණාම හාමුදුරුවො වෙන වෙන කට්ටියත් එක්ක රැස්වීම් තියලා හරියන්නෙ නැහැ. ඒ නිසා අපි මේ ගෙන යන සටනත් එක්ක එන්න ඔබ වහන්සේ. මිත්‍රකම් තියාගන්න වෙන වෙන කට්ටියත් එක්ක. හිටපු ජනාධිපතිවරයා මගෙත් මිත‍්‍රයෙක්. මට දුරකථන ඇමතුම් ලබාදීලා එක එක වැඩ පවරනවා. ඒවත් මම කරලා දෙනවා.”

Related posts

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්නැයි යෝජනාවක්

Admin

අවසර දෙනවා නම් ආවා කල්ලිය දින දෙකෙන් මැඩපවත්වනවා – ශ්‍රී ලංකා යුද හමුදාව

colombotoday

පොලීසිය ඩයගම ප්‍රදේශයේ රැසකගෙන් ප්‍රකාශ ලබාගනි. – ඉෂාලිනිගේ සිරුර ගොඩ ගැනිමට දින කිහිපයක් ගතවෙන ලකුණු

colombotoday

රට බෙදා වෙන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

colombotoday

ජල ගාස්තුවත් 15%කින් ඉහළට ?

colombotoday