Colombo Today Local News

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකට “ප්‍රභාකරන්” මහත්තයෙකු වේ. “රණවිරුවන් අතින් ඝාතනය වුනේ මෙරට දරුවන්” බවත් කියයි

උතුරු පලාත් සභාවේ අමාත්‍යවරියෙක් විසින් යුද්ධය අවසන්වූ මැයි 18 වන දිනය “ජාතික සංහාර දිනයක්” ලෙස නම් කිරීමේ යෝජනාව ගැන අද (16) පැවති කැබිනට් රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් විමසීමක් කළා. එහිදී ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.

එහිදී රාජිත සේනාරත්න කියා සිටියේ මෙතෙක් ජනතා විමුක්ති පෙරමුණත් මේ දක්වා සෑම වසරකදීම සිය මියගිය සාමාජිකයින් සමරමින් විරු සැමරුම් පැවැත්වූ බවයි. යුද්ධයේදී මියගිය පුද්ගලයින් අපට ත්‍රස්තවාදීන් ලෙස පෙනුනත් උතුරේ ජනතාවට ඔවුන් පෙනෙන්නේ තමන්ගේ මවුපියන්, සහෝදර සහෝදරියන් ලෙසින් බවයි.

අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ උතුරේ මිය ගියෙත් අපේ දරුවන් බවත් රජයේ පැත්තෙන් මියගියෙත් රටේ දරුවන් බවයි. එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට කියා සිටියේ එල්ටිටිඊය ත්‍රස්තවාදී සංවිධානයක් බවයි. එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධානයක් බවත් ඔවුන්ද මෙරට තහනම් සංවිධානයක් ලෙස කලක් පැවති බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙම රජය බලයට පත්වීමෙන් පසු මැයි 18 වෙනිදා පවත්වාගෙන ආ “රණවිරු සැමරුම” නතරවූ බවයි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රණවිරුවන් අතින් ඝාතනය වුනේ මෙරට දරුවන් බවයි, සහජීවනය ගැන සිතා එම සැමරීම නතර කල බවයි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජයවීර මහත්තයා සහ කොටි සංවිධානයේ ප්‍රභාකරන් මහත්තයා විසින් සිදුකල අපරාධවල වෙනස ගැන පැහැදිලි කරන්නැයි මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යවේදීන්ට අභියෝගයක්ද එල්ල කළා.

මේ එම සිදුවීම ඇතුලත් සම්පුර්ණ වීඩියෝව පහතින්

 

NETH NEWS

Related posts

මඩාටුගම මුස්ලිම් පල්ලියෙන් අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය අල්ලයි..

colombotoday

රාජ්‍ය අමාත්‍යවරු හතරක් එළියට

Admin

හෝමාගම අධිකරණය අසල හිමිනමක් ගිනිතබා ගැනීමට සැරසේ

colombotoday

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේනැතිලු.. බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිටයාලු.. මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිටියා කියනවා- අගමැති මහින්ද

colombotoday

කතරගම චාරිකාවක ගිය නවගමුවේ නඩයට වැල්ලවායේ ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වා දුන් සංග්‍රහය (PHOTOS)

colombotoday

යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු

colombotoday