Colombo Today Local News

අධිකරණයේ වැසිකිළියක් තුළදී අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකුට අධිකරණයේ දී ඇප සම්බන්ධයෙන් විරුද්ධ නොවී සිටීමට අල්ලස් වශයෙන් රුපියල් විසිපන්දාහක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සාලියවැව පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ වැසිකිළියක් තුළදී අද (03) අත්අඩංගුවට ගනු ලැබ තිබේ .

වයස අවුරුදු දාහතරක දැරියක සිය පියා විසින් දූෂණය කරනු ලැබූ බව කියන මෙම සිද්ධියට අදාළ සැකකාර පියා ට ඇප ලබාදීම සඳහා අධිකරණයේ දී විරුද්ධ නොවී සිටීමට සැකකාර පොලිස් කොස්තාපල්වරයා අදාළ අල්ලස් මුදල ඉල්ලා ලබා ගනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පවසයි .

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබියදී සැකකාර පියා ගේ පාර්ශවයෙන් පැමිණ මෙම අල්ලස් මුදල ලබා දීමට කටයුතු කර ඇතැයි ද කොමිසම පවසයි .

අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලකට අනුව එහි උපාය දූතයන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සැකකරුට අදාල අල්ලස් මුදල ලබා දෙන අවස්ථාවේදී එනම් එම අධිකරණයේ වැසිකිළියේදී සැකකරු අත්අඩංගුවට ගත් බව ද කොමිසම සඳහන් කරයි.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday

දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි

Admin

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

colombotoday

අඟුලානේ නොසන්සුන්කාරි ලෙස හැසුරුණු 14ක් අත්අඩංගුවේ

colombotoday

ඇලෝසියස් මටත් උදව් කරා.. රාජපක්ෂලාටත් උදව් කරා – එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

colombotoday