Colombo Today Local News

දේශපාලන පළිගැනීම කොමිසමේ රජයේ නීතීඥ ජනක බණ්ඩාර ගැන සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක්.

දේශපාලන පළිගැනීම පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් නිර්දේශ මඟින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර සම්බන්ධයෙන් කර ඇති සදහන් හා නිර්දේශ අනුව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද ( 03) අතුරු නියෝගයක් නිකුත් කළේය.

තමා සම්බන්ධයෙන් දේශපාලන පලිගැනීමේ කොමිසම විසින් ලබා දී ඇති නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා ගොනු කල රිට් පෙත්සමක් සලකා බලමින් මෙම අතුරු නියෝගය ලබා දෙන ලදී.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා ජනාධිපති ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.

එම කොමිසම විසින් විමර්ශන කටයුතු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් , එබැවින් කොමිසමේ වාර්තාවේ තමා සම්බන්ධයෙන් ඇති නිර්දේශ සහ සොයාගැනීම් ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.

Related posts

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

Admin

අලුත් අවුරුදු සමයේ උත්සව සැනකෙලි තහනම්

colombotoday

“මම දන්නේ නෑ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා” ඇට්ටකුනා වෙන රොටියක් ගැන ජනපති කියයි: Video

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

ගෝඨාභය බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි – හිටපු ඇමරිකන් තානාපති කියයි

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday