World

රුසියාව ඉරානය සිරියාවේ වෙනුවෙන් එක් වෙති – යලිත් ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ – පුටින් අනතුරු අඟවයි

බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් ගෝලීය අර්බුදයක් ඇතිවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. 

ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට තවදුරටත් පීඩනයක් එල්ල කරමින් නව ආර්ථික සම්බාධක පනවන බවට නිවේදනය කර තිබෙන මොහොතක රුසියා ජනාධිපතිවරයා මෙලෙස අනතුරු අඟවා තිබේ.

රුසියානු ජනාධිපතිවරයා ඉරාන ජනාධිපති හසන් රොව්හානි සමඟ දුරකතන සංවාදය යෙදීමෙන් අනතුරුව ක්‍රෙම්ලීනය පුටින් ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඒ බව සඳහන් කර තිබේ.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එල්ල කරන ප්‍රහාරයෙන් සත් අවුරුදු සිවිල් යුද්ධයකින් පීඩා විඳින සිරියාවට සාමය සහ දේශපාලනික විසඳුමක් ගෙන ඒමට තිබූ අවස්ථාවට හානි සිදු වූ බව නායකයන් දෙදෙනාම ප්‍රකාශ කර ඇතැයි ද ක්‍රෙම්ලීනය සඳහන් කළේය.

“බටහිර රටවල් එල්ල කරන ප්‍රහාරයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝණය වෙනවා. ඔවුන් නැවත නැවත එලෙස ප්‍රහාර එල්ල කළහොත් ජාත්‍යන්තර සමබඳතා දැඩි අර්බුදයකට යනවා.” යැයි පුටින් ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇතැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

Related posts

අගමැති ඉල්ලා අස්වීමට එකඟ වේ.

colombotoday

ISIS ත්‍රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයි

colombotoday

සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

Admin

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin