ඉස්ලාමීය අන්තවාදය හමුවේ උතුර සහ නැගෙනහිර පළාතේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බව ත්‍රස්ත විරෝධි ජාතික එකමුතුව පවසනවා.
එබැවින් එම විහාරස්ථානවලට සහ භික්ෂූන්වහන්සේලාට වහාම ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ත්‍රස්ත විරෝධි ජාතික එකමුතුව ඊයේ පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එහි මහ ලේකම්, සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පැවසුවේ එම පළාත්වල විහාරස්ථානවල ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ද මේ වන විට ඉවත් කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් එහිමියන් මෙසේ කියා සිටියේ ය.