Colombo Today Local News

සෞඛ්‍ය ඇමතිවරිය පත්කළ කමිටුවේ සභාපති ජෙනිෆර් පෙරේරා වෛරස් පිලිබඳ මහාචාර්ය කෙනෙකු නොවෙයි.

කොරෝනා මෘත දේහ පිළිබඳව තීරණය කිරීමට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පත්කල කමිටුව  සිටියදී , සෞඛ්‍ය ඇමතිවරිය විසින් හොර රහසේ තවත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වෙනවා.

මෙම කමිටුවේ සභාපතිවරිය ලෙස මහාචාර්ය ජෙනිෆර්  පෙරේරා මහත්මිය පත් කර ඇති අතර ඇය වෛරස් පිළිබඳ විශේෂඥවරියක් නොවෙයි. කොරෝනා වෛරසය සම්බන්ධ බරපතළ ගැටලුවක් ඇති වී ඇති මොහොතක ඒ සම්බන්ධ කමිටුවක සභාපති ලෙස කටයුතු කිරීමට ඇයට ඇති වෘත්තීමය සහ සදාචාරාත්මක අයිතිය පිළිබඳව විශේෂඥවරුන් අතර මේ වනවිට කතාබහක් ඇති වී තිබේ.

දැනගන්නට ලැබෙන පරිදි ඇය බැක්ටීරියා පිළිබඳ විශේෂඥ වරියක් වන අතර , වෛරස් සම්බන්ධ විශේෂඥවරුන් රාශියක් ඉන්න රටක එවැනි කෙනෙකු සභාපති ලෙස පත් කිරීම පිටුපස යම් යටි අරමුණ තිබේදැයි සැක මතුවී තිබේ.

මේ අතර වෛද්‍යවරුන් සම්බන්ධ වෘත්තිකයන්ගේ සංගමයක(Professional Organization ) 2020 දෙසැම්බර් 21 වෙනි දින පැවති මහා සභා රැස්වීමකදී , කමිටු සාමාජිකාවක් වශයෙන් ඇය කොරෝනා මෘතදේහ භූමදානය කිරීම අනුමත කරමින් යෝජනාවක් සම්මත කිරීමට උත්සාහ ගත් බව ද දැනගන්නට ඇත.

සෞඛ්‍ය ඇමතිවරිය විසින් පත් කළ කමිටුවේ සභාපති ලෙස, ඇය විසින් කමිටුවට වෛරස් හෝ බැක්ටීරියා සම්බන්ධ විශේෂඥවරුන් නොවන අයද පපත්කිරීමට කටයුතු කර ඇති බව ද දැනගන්නට ඇත. ඒ අතර ප්‍රතිශක්තිය සම්බන්ධ මහාචාර්යවරියක් ද කමිටුවට පත් කර ඇත.

වෛද්‍යවරුන් සම්බන්ධ එක්තරා ආගමික සංගමයක සාමාජිකයෙකු ලෙස ඇය කටයුතු කරන බව ද පැවසේ.

කොරෝනා මරණ භූමදානය කිරීම පිළිබඳව දැඩි පක්ෂපාතී ස්ථාවරයක සිටින මහාචාර්ය ජෙනිෆර්  පෙරේරා, මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කිරීම වෘත්තීය ආචාර ධර්ම ද උල්ලංඝණය කිරීමකි.

Related posts

කුරුණෑගල සජිත්ගේ රැස්වීමේ ලයිට් කපා ඇත්තේ අශෝක් අඹේසිංහගේ මස්සිනා

colombotoday

දෙමළ සන්ධානයේ සහය අගමැති රනිල්ට…

colombotoday

රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි !

colombotoday

මාසෙන් මාසෙට වෙනස්වෙන ඇමති මණ්ඩලේ කාළගුණේ වගේ.. ආණ්ඩුව ජනවරමට පයින් ගැහුවා !

colombotoday

Braking : CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

colombotoday

දරුවන් අතරේ සුලභව පැතිරෙමින් පවතින තවත් රෝගයක්

colombotoday