Colombo Today Local Newsfeatured

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

ශ්‍රි ලංකාවේ තැන්පතුකරුවන් ගෙන් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා සහගත ලෙස ලබා ලත් බවට චෝදනා ලැබ මේ වනවිට මහ බැංකුවේ සහ පොලිසියේ විමර්ශෂණවලට ඉලක්ක වී සිටින මූල්‍ය සමාගම් අධ්‍යක්ෂවරයකු තම පවුල පිටින්ටම රටින් පිටවී ඉන්දියාවට පැන යාමට උත්සාහ කිරීමේදී තමිල්නාඩු වෙරළාරක්ෂක අංශ මඟින් පසුගිය සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉස්ලාමික ශරියා නීතියට අනුව නැගෙනහිර පළාතේ මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය 45 හැවිරිදි ෂිහාම් සීරීබ් සහ එම සමාගමේ ම අධ්‍ය්‍යක්ෂවරියක වන ඇයගේ බිරිඳ වන ෆාතිමා ෆර්සානා මාකාර් නම් 39 හැවිරිදි කාන්තාවක සහ ඔවුන් ගේ දස හැවිරිදි දරුවාය.

උතුරු දිග මුහුදින් ධීවර යාත්‍රාවක් උපයෝගි කරගෙන ඔවුන් පලා ගොස් ඇති බව හෙළිවන අතර ඉන්දීය වෙරලාරක්ෂක සේවා විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ව්‍යාපාර බිඳ වැටීම නිසා එයින් ගැලවීමට ශ්‍රි ලංකාවෙන් පළා යන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. වාර්තා වන ආකාරයට ඔවුන් ඉස්ලාම් මූල්‍ය සමාගමක් ආරම්භ කරමින් රුපියල් කෝටි 120කට ආසනන් මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන එම තැන්පතු සහ ප්‍රතිලාභ ආපසු ගෙවීම් පැහැර හරිමින් සිටින බව වාර්තා වේ.

ඔවුන් කොළඹ 05 පදිංචිකරුවන් වන අතර ප්‍රිවෙල්ත් ග්ලෝබල් නම් ඔවුන්ගේ සමාගමේ ප්‍රධාන කාර්යාලය බව සඳහන් වන්නේ කොල්ලුපිටියේ ඩීන්ස්ටන් පෙදෙසේ වුවද මෙම සමාගමේ මූල්‍ය ආයතනය සමන්තුරේ ප්‍රදේශයේ මූලස්ථානය කොටගෙන නැගෙනහිර පළාතේ ශාඛා කිහිපයක්ම පවත්වාගෙන ගිය පුද්ගලයෙකි. කල්මුණේ,පොතුවිල්, එරාවූර් සහ මරදමුණේ යන ප්‍රදේශවල එම ශාඛා ඇති බව සඳහන් වේ.

වැඩි පොලී අනුපාත සහිත තැන්පතු ප්‍රතිලාභ ලබා දෙන බව සහ එම මුදල් විවිධාංගකරණය කරන ලද ව්‍යාපාර ගණනාවක ආයෝජනය කරන බව සඳහන් කරමින් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගෙන් වැඩි වශයෙන් මෙම තැන්පතු ලබා ගෙන ඇතත් ඔවුන් එම ප්‍රතිලාභ ගෙවීම් මඟ හරිමින් සිටින බවට මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව සඳහන් වේ.

Related posts

අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් බිල්ලක්?

Admin

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday

කලත්තෑව කඳවුරේ අවි ගබඩාව හොරු බිඳියි.. ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් අරන් පනී !

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70 % ඉක්මවයි !

colombotoday