බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේ බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.
දැනට රෝහලේ රෝගී රඳවියන් 380ක් සිටින බව වාර්තා වේ. නමුත් එහි එකසිය අසූවකට පමණක් ප්රතිකාර ලබා දිය හැකි රෝහලක් බව ආරංචි මාර්ග පැවසීය.
මේ හේතුවෙන් එක ඇඳක රෝගීන් දෙදෙනකු බැගින් රැඳවීමට සිදුව ඇති බවත් වාර්තා වේ.