හදුනාගැනමෙි පෙරෙට්ටුවක් සදහා දුම්බර බන්ධනාගාරයේ රදවා සිටි පෙරෙට්ටු සැකකරුවන් 04 දෙනෙකු රම්බොඩගල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත අද(19) දින ඉදිරිපත් කර නැවත දුම්බර බන්ධනාගාරය වෙත ආරක්ෂණය කරන අතරතුර වෑඋඩ ප්රදේශයේදී බස්රථයේ ආරක්ෂිත අගුළු ගලවා බන්ධනාගාර නිළධාරින්ට පහර දී පැන ගොස් ඇත.
ක්ෂණීකව ක්රියාත්මක වු බන්ධනාගාර නිළධාරින් සැකකරුවන් දෙදෙනෙක් නැවත අත්අඩංගුවට ගෙන අනෙක් දෙදෙනා මාවතගම පොලිසියේ සහය ඇතිව අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් සියළුම දෙනා රජවැල්ල , දිගන, කලගෙඩිහේන, මාවනැල්ල ප්රදේශයන් හී පදිංචිකරුවන් බවත් 28, 31, 36 හා 39 වයස් ඛාණ්ඩවල විවිධ සොරකම් වලට සම්බන්ධ වෙනත් අධිකරණ වල නඩු රාශියක් ඇති පුද්ගලයින්ය. සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ සිදුවෙමින් පවතී.