වත්මන් සමාජ අසීරුතාවයන් යටතේ වුවද කාන්තාවන්ගේ පෝෂණය සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් හා ඔවුන්ට නව රැකියා අවස්ථා උදාකර දීම සඳහා වූ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බව කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.
කාන්තාව සතු දැනුම හා කුසලතාවයන් මෙන්ම ඇගේ අවශ්‍යතාවයන් මනාව වටහා ගනිමින් නව ලෝකයට ගැලපෙන ශක්තිමත් හා ඵලදායි කාන්තා පරපුරක් බිහි කිරීම රජයේ ඒකායන අරමුණ බවද එම පණිවිඩයේ සඳහන් ය.