Colombo Today Local News

ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි මිල ඉහළ දැමීම අනීතිකයි – වැඩි මිලට තිරිගුපිටි මිලදී ගැනීමෙන් වළකින්න.

තිරිගු පිටි මිල රුපියල් 12.00 කින් වැඩි කල බවට ප්‍රීමා සමාගම විසින් අද දිනයේ නිවේදනය කල අතර එම නිවේදනය නීති විරෝධි නිවේදනයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර සිටිනවා.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ,

” 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 20(5) වන වගන්තිය යටතේ තිරිගු පිටි සදහා මිල වැඩිකිරීමක් සිදුකරන්නේ නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිසි අවසරයක් ලබා ගතයුතුය. ඒ බව දැනුම්දෙමින් 2015 පෙබරවාරි 20 වනදා අංක 1902/55 යටතේ අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත්කොට ඇත. මේ වන විටත් පාරිභෝගික කටයුතු අධිකාරිය තිරිගු පිටි මිල වැඩි කිරීම සදහා ප්‍රීමා ආයතනවයට නිසි අවසරයක් ලබා දී නොමැත. එසේ තිබියදී තිරිගු පිටි මිල වැඩි කිරීම නීති විරෝධිවේ. “

“එබැවින් සියලුම පාරිභෝගිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ තිරිගු පිටි වැඩි මිලට මිලදී ගැනීම සිදු නොකරන ලෙසයි. යම්කිසි වෙළෙන්දෙක් තිරිගුපිටි වැඩි මිලට අලෙවි කරන්නේනම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියේ අංක 1977 අංකයට පැමිණිලි කරන ලෙස සියලුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.”

“මීට ඉහත අවස්ථා කිහිපයකදී උක්ත සමාගම විසින් අනීතික ලෙස තිරිගු පිටි මිල වැඩි කිරීමට කටයුතු කලද පාරිභෝගික අධිකාරියේ බලපෑම මත එම මිල වැඩි කිරීම අවලංගු කරන ලදී. එබැවින් පාරිභෝගික කටයුතු අධිකාරියද තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරන වෙළෙන්දුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුය.”

“තිරිගුපිටි කිලෝ එකක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87.00 කි”

Related posts

ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.

colombotoday

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

colombotoday

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

කොවිඩ් අවදානම නිසා දඹදිව වන්දනා චාරිකා තවකාලිකව අත්හිටුවයි

colombotoday

මහින්දගේ නිවේදනයෙන් හොර එළිවෙයි… බැදුම්කර හොරු තිගැස්සෙයි !!

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin