Colombo Today Local News

විදේශිය කරුන්කා කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන සකසා මෙරට කරුන්කා වශයෙන් ඉන්දියාවට පටවන්න හැදු අධ්‍යක්ෂට වැඩ වරදි

ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ කරුන්කා සහිත කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන සකසා යළිත් ශ්‍රී ලංකාවේ කරුන්කා වශයෙන් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර සහකාර රේගු අධිකාරීවරයා රේගු පරිගණක පද්ධතියට මේ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ඇතුළත් කළැයි යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය.

සහකාර රේගු අධිකාරිවරයා දැනට වැඩ තහනමකට ලක්ව සිටින්නකු බවද හෙතෙම කියා සිටියේය.

රුපියල් මිලියන 300 ක් වූ වටිනා මෙම කරුන්කා 2020 වසරේ ඉන්දියාවට ප්‍රති අපනයනය කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබිණි.

Related posts

මාව­නැල්ල ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය නැති­වීම ගැන 52කගෙන් ප්‍රකාශ අර­ගෙන

colombotoday

මරණ දඩුවමට එරෙහිව දුමින්ද සිල්වාගෙන් අභියාචනයක් !

colombotoday

දින 12ක් තුළ නිරෝධායන නීති කැඩූ 158ක් අත්අඩංගුවට

colombotoday

තේක්ක දැව කදන් ලොරියක් බලන්ගොඩදී අත්අඩංගුවට

colombotoday

කෝටි 30ක් නොදුන්නොත් අනිත් පැත්තට යනවා, ඇමතිවරයෙක් දැඩි තීන්දුවක…

colombotoday

ෆෙඩරල් ඉල්ලන විග්නේශ්වරන්ගේ යෝජනාව ස්වීඩන් විදේශ ඇමතිනිය පිළිගනී

colombotoday