Colombo Today Local News

වසර 65කට පසු “සිංහලේ“ ජාතික කොඩිය නැවතත් නීතියෙන් පිළිගනී !

ජාතික කොඩිය විකෘති කර ඇතැයි පවසමින් ඉකුත් පෙබරවාරියේදී කොළඹ නිදහස් චතුරස්‍රෙය්දී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් “සිංහලේ“ කොඩි තොගයක් අද ඒවායේ හිමිකරුවන්ට භාර දී තිබෙනවා. ඒ කුරුදුවත්ත පොලිස් සථානයේදීයි.

වත්මන්ජාතික කොඩියේ දැක්වෙන් කොල, තැඹිලි තීරු දෙක රහිත මෙම “සිංහලේ“ කොඩිය ජාතික කොඩිය විකෘති කරමින් සැකසූ ජාතිවාදී කොඩියක් බවට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලකයන් විසින් චෝදනා කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස එලෙස සැකසූ කොඩි තොගයක් අත්අඩංගුවට ගැණුනා.

කෙසේ වෙතත් ජාතික කොඩිය ලෙස නොව සිංහලේ කොඩිය ලෙස එය භාවිත කිරීම නීති විරෝධි නොවන බව ද පොලිසිය අද (15) පිළිගත් බවයි එම කොඩි තොගය භාර ගැනීමට පැමිණ සිටි ගාල්ලේ පුණ්‍යවර්ධන මහතා ඇතුළු ස්වර්ණ හංස පදනම පවසන්නේ.

සිංහලේ කොඩිය

1815 උඩරට ගිවිසුම් ප්‍රකාරව අවුරුදු දහස් ගණනක් සිංහලේ ගුවනේ ලෙලදුන් රාජකීය සිංහ ධජය බිම දමා බ්‍රිතාන්‍ය අදිරාජ්‍යයේ “යූනියන් ජැක්” කොඩිය සිංහලය පුරා ගුවණට ඔසවන ලදි. එතැන් පටන් බ්‍රිතාන්‍යය කිරීටය යටතේ ස්වදේශිකයන් මානසිකවත් ශාරීරිකවත් අනේකවිධ මිලේච්ඡ වධබන්ධනවලට ලක් කරමින්, මානව හිමිකම් උල්ලංඝණය කරමින්, දහස් ගණනක් සාපරාධි යුධ අපරාධ සිදු කරමින් අභිමානවත් සංස්කෘතියත්, රටත්,ජාතියත්,ශාසනයක් විනාශ කරමින් ඉංග්‍රීසීන් “සිංහලේ“ රට කොල්ල කෑවේ ඒ යූනියන් ජැක් ධජය සෙවනේය.

වසර 139ක ඇවෑමෙන් 1948 ඩොමීනියන් නිදහස රටට හිමි වෙත්දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කොඩිය වෙනුවට 1815 දී වාරියපොළ ශ්‍රී සුමංගල යති සුවිසුරාණන් විසින් අවසන් වරට මහනුවරදී එසැවූ සිංහලේ සිංහ ධජය (සිංහලේ කොඩිය) යළිත් වරක් හෙළ ගුවනේ ලෙළ දුන්නද ඒ වන විටත් අපෙන් පැහැරගෙන තිබූ “සිංහලේ” රාජ්‍යය ද අප සතුව තිබූ ශේෂ්ඨත්වයද, අභිමානයද අපට අහිමි කර තිබිණි.

නිදහසින් පසුව එවකට පාලකයින් විසින් සුළු ජනවර්ගද නියෝජනය වන පරිදි නව ජාතික කොඩියක් හදුන්වා දීම සදහා කටයුතු කළ අතර 1948 මාර්තු මසදී ඒ සදහා කමිටුවක් පත් කරන ලදි. කමිටුවේ නිර්දේශ අනුව දෙමළ ජන වර්ගය නියෝජනය පිණිස තැඹිල වර්ණය සහ මුස්ලිම් ජනවර්ගය නියෝජනය පිණිස කොල වර්ණයද සහිතව නව කොඩිය නිර්මාණය විය. පාර්ලිමේන්තුවේ සම්මත කොට එම කොඩිය මුල්වරට ප්‍රදර්ශනය කරනු ලැබුවේ 1951 මාර්තු 31 වන දිනයි.

එතැන් පටන් ඓතිහාසික සිංහලේ ධජය ව්‍යවහාරයෙන් ඉවත් වූ අතර, තැඹිල කොල තීරු දෙක සහිත කොඩිය ජාතික කොඩිය ලෙස භාවිතයට ගැණිනි. ඉන් පසු අවස්ථා කිහිපයකදී “සිංහලේ ජාතික කොඩිය“ සංඛේතාත්මකව භාවිතා කෙරුණත් එම කොඩිය නීති විරෝධී කොඩියක් යැයි පවසමින් පොලිසිය විසින්ද බාධා පැමිණවීම් සිදුවුණු අතර එම කොඩිය ජාතිවාදී කොඩියක් යැයි පවසමින් ඇතැම් දේශපාලකයන් සහ ඉතිහාසය නොදත් පුද්ගලයින් විසින් අවඥාවට ලක් කෙරිණි.

sinhale-flg222
උඩ රට ගිවිසුමෙන් සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍යයට යටත් වී වසර 200ක් පිරෙන දා 2015 මාර්තු 02, පොලිස් බාධා කිරීම් මැද “සිංහලේ ජාතික පෙරමුණ“ සිංහලේ ධජය යළිත් වරක් මහනුවර මගුල් මඩුවේදී එසවූ අවස්ථාව
sinhale-flg22
“සිංහලේ“ කොඩිය මව් බිමේ ප්‍රදර්ශනය තහනම් වෙත්දී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන් ලන්ඩන් නුවරදී “සිංහලේ“ ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් – ඡායාරූප – බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය

 

Related posts

බැදුම්කර මගඩිය ගැන සාක්කි දෙන්න අර්ජුන්, ජනපති කොමිසමට එයි !

colombotoday

ශ්‍රී ලංකන්, ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 1400ක් ණයයි.. 4 වැනිදා වන විට ණය නොගෙව්වොත් ඉන්ධන සැපුම නවතී..

colombotoday

කොමිසම් නෙමෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දීමයි -අධිකරණ ඇමති

colombotoday

තෙල් බවුසර් හිමියන් ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday

දිස්ත්‍රික්ක හතරකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

උපවාසය සාර්ථකයි.. විමල්ට ඇප ලැබෙයි

colombotoday