සාමාන්‍යයෙන් ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ලෙස විවස්ථාවේ තිබුනත්, මෙවර ජනාධිපතිවරණයෙන් පසුව විවස්ථාවේ කුමක් තිබුනත් මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොව අගමැති මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
රටේ ජනතාව අති දැවැන්ත විශ්වාසයක් තබා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිබඳව බව වාසුදේව නානායක්කාර මහතා ඊයේ (16) කැඳවා තිබු පුවත්පත් සාකච්චාවකට එක් වෙමින් පැවසීය.