Colombo Today Local News

ප්‍රේමලාල් ජයසේකරගේ මරණ දඬුවම: ඉරණම තීන්දු කෙරෙන අභියාචනා තීන්දුව මාර්තු මස 31

තමන්ට නියම කර ඇති මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති අභියාචනා පිළිබඳ විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි තීන්දුව මාර්තු මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබේ.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම අභියාචනා විභාගය කළ බව වාර්තාකරු පැවසුවේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර, නිලන්ත ජයකොඩි සහ වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට 2020 වසරේ ජූලි මස 31 වනදා රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළේය.

තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාම සිය අභියාචනා මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Related posts

ඉෂාලනි දැරිය පිලිස්සී මියයාම – රිෂාඞ් බදියුදීන් සැකකරුවෙකු ලෙස නම් කරයි.

colombotoday

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday

ශ්‍රී ලාංකික තබ්ලිග් ජමාත් දෙදෙනෙක් ඉන්දීය පොලිස් අත්අඩංගුවට

colombotoday

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday

නගරබද විහාරස්ථාන වලින් ලංවිමට මිලියන 29ක් පොලු – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෙළිදරව්වක්

colombotoday

අද තැනින් තැන වැසි

colombotoday