මහනුවර දිස්ත්රික්කයේ උඩ පළාත ප්රාදේශීය සභාවේ ඇතිවූ ගැටුමකින් එහි සභාපති හා විපක්ෂ නායක රෝහල් ගත කර තිබේ.
මන්ත්රී ප්රතිපාදන කප්පාදුවකට එරෙහිව අද උදෑසන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු 08 හා නිදහස් පක්ෂ මන්ත්රීවරු 07 දෙනා සභාව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.
ඒ විරෝධතාවයෙන් අනතුරුව සභාගර්භයට ගිය ඔවුන්ගේ ආසන වෙනස්කිරීමක් හේතුවෙන් මේ ගැටුම ඇති වී තිබේ. එහිදී සභාපතිවරයාට පුද්ගලයෙකු බෝතලයකින් පහරදී ඇත.
මේ වන විට සභාවේ කටයුතු කල් තබා ඇති අතර තුවාලකරුවන් ගම්පොල රෝහලට ඇතුලත් කර ඇත.