මෙරටට ආනයනය කරනු ලබන අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද ඊයේ (26) මධ්‍යම රාත්‍රී සිට කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් වගා අස්වැන්න නෙලීම ආරම්භ කිරීම සහ මෙවර අර්තාපල් විශාල අස්වැන්නක් අපේක්ෂා කරන බැවින් මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.