Colombo Today Local Newsfeatured

තිස්සගේ, ප්‍රසන්නගේ, බන්දුලගේ, මොහාන්ගේ, තිසරගේ දියණියන් තානාපති කාර්යාලවල ඉහල පුටුවලට. | දිලිත් ජයවීරගේ පුවත්පතක් හෙළිකරයි

පසුගිය රජයන් තුළ දක්නට ලැබුණු පුරුද්දක් අනුගමනය කරමින් වත්මන් රජය ද විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා දේශපාලන පත්වීම් ලබා දීමට ද පියවර ගෙන තිබෙන බව දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීරගේ පුවත්පතක් වන themorning පුවත්පත වාර්තා කර ඇත.

පහත දැක්වෙන්නේ එම පුවත්පත දක්වා ඇති විදෙස් ශ්‍රී ලාංකික දූත මණ්ඩල සඳහා නව පත්වීම් ලයිස්තුවයි.

  • සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ දියණිය දුල්මිනි ඉන්ද්‍රචාපා අත්තනායක ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ. ඇය මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචිව සිටින බව වාර්තා වේ.
  • ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පදිංචි අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණිය පවිත්‍රා රණතුංග සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.
  • අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ දියණිය රන්දුලා ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ තුන්වන ලේකම් ලෙස නිව්යෝර්ක් බලා පිටත්ව යාමට නියමිතය.
  • පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගේ සහෝදරයා වන අමිල දිසානායක පත්කර ඇත.
  • ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මොහාන් සමරනායකගේ දියණිය සුබෂිනි සමරනායක වියානා ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.
  • හිටපු නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ තානාපති අද්මිරාල් තිසර සමරසිංහගේ දියණිය තුලාසි සමරසිංහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.

Related posts

කුලියාපිටියේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු මරුට

colombotoday

“සෙනසුරාදා මඩකලපු යන සිංහලයට මුහුණ දෙන්න සුදානම් වන්න“ TNA මන්ත්‍රී සතාසිවම්

colombotoday

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

colombotoday

‘එට්කා‘ සාකච්ඡා මේ වසරෙන් ඉවරයි.. අත්සන් කිරීම ඊළගට !

colombotoday

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

colombotoday

මෙතෙක් බිහි වූ කාර්යක්ෂම සෞඛ්‍ය ඇමතිවරයා රාජිතයි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

colombotoday