Colombo Today Local News

වැඩකරන්න කම්මැලි වූ පොලිස් රෝහල් අධ්‍යක්ෂක පොලිස්පති නියෝගයෙන් ඉවතට

පොලිස් රෝහල තුල අකාර්යක්ෂම ලෙස කටයුතු කිරීම හේතුවෙන් කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි මධාරා ආරියසේන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් රෝහල් අධ්‍යක්ෂකධූරයෙන් ඉවත් ඉවත් කිරීමට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා කටයුතු කර ඇත.

ඇයගේ අකාර්යක්ෂමතාවය පිළිබඳව පොලිස් රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි විමසා බලා පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

පවතින කොරෝනා වසංගත තත්වය තුල රෝහල් අධ්‍යක්ෂක වශයෙන් සිදු කිරීමට නියමිතව තිබූ රාජකාරින් පැහැර හැර ඇති ඇය අවම වශයෙන් කොවිඩ් මර්ධන කමිටු රැස්වීමකට zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට පවා අපොහොසත් වී ඇත.

රෝහලේ වෛද්‍ය අවශ්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වීමත් වෛද්‍ය පරිපාලනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති වීමත් පොලිස් රෝහල පිළිබඳ මෑතකදි පළවුනු කනගාටුදායක පුවත් වලට හේතුවන්නට ඇත.

Related posts

කළු, නිල්වලා සහ ගිං ඟගේ ජල මට්ටම ඉහළට : පහළ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා දේවගැති ජෙරම්ගෙන් අධිකරණයට පෙත්සමක්

Admin

ගෙලිඔය ඉන්ධනහලට ආ ඩීසල් බවුසරයේ වතුර… බවුසරය හරවා යවයි

colombotoday

බදුරලියේ පාසලක අත්බෝම්බ 13ක්…

colombotoday

විල්පත්තුවෙන් කෑල්ලක් ඉල්ලා දිගටම බලපෑම්… බදියුදීන් ඇමතිකමෙන් ඉවත් වෙන්න යයි !!

colombotoday

අවශ්‍ය වරප්‍රසාද පමණක් ගන්නවා මාලිමා නවක මංත්‍රිනී

Admin