Uncategorized

පොලිස්‌ ඩමිය ගෙදර අරන් ගිය මොහොමඩ් බාන රිමාන්ඩ්

වේග මීටරය සහිත පොලිස්‌ නිලධාරීන්ගේ සමාන රුව සහිත අනුරුව (ඩමිය) සවිකර තිබූ ස්‌ථානයෙන් ගලවා ගෙන ගිය තරුණයන් දෙදෙනා ලබන 12දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩබලන මහෙස්‌ත්‍රාත් මොහොමඩ් ඉක්‌බාල් මහතා නියෝග කළේය.

පුත්තලම පොලිස්‌ ස්‌ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ මෙම නියෝගය කෙරිණි. එසේ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පුත්තලම රත්මල්යාය අල්කාසිම්සිටි පදිංචිව සිටි රපීක්‌ මොහොමඩ් සරාඡ් (23) හා නොරොච්චෝලේ පදිංචි උෂ්නතම්බි වහබ්ජීදීන් (21) යන දෙදෙනායි.

පුත්තලම – කොළඹ මාර්ගයේ පාලවිය – වන්තිව් ප්‍රදේශයේ රිය ධාවනයේදී සිදු වන අනතුරු අවම කිරීමේ සහ වේගය පාලනය අරමුණින් මෙම පොලිස්‌ ඩමිය තබා තිබිණි. පාලවිය ප්‍රදේශයේ තිබූ මෙම ඩමිය 30දා උදෑසන එම ස්‌ථානයේ නොමැති බවට දැනගෙන පුත්තලම පොලිසියේ රථවාහන අංශය සිදු කළ පරීක්‌ෂණ අනුව මෙම ඩමිය හා එය රැගෙන ගිය ලොරි රථය පුත්තලම – තිල්අඩිය අල්කාසිම්සිටි ප්‍රදේශයේ නිවසක තිබියදී සැකකාරයන් දෙදෙනා සමග 31දා සවස අත්අඩංගුවට ගන්නා ලදී.

Related posts

එක්දින පිලේ නායකත්වය පොඩි සනාට. නවක පිලක් සංචිතයට

colombotoday

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස – රට කිරිපිටි අර්බුදයේ අගමුල සරලව සැකෙවින්

colombotoday

පෙබරවාරි 04ට පෙර ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා – TNA යුරෝපා සංගමයට දන්වයි

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විජයදාස රාජපක්ෂට

colombotoday

අවුරුදු කටේ දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

colombotoday