Colombo Today Local News

අපරාධකරුවන් රැසක් අල්ලා ගත් පොලිස් “කෝරා” ජීවිතයෙන් සමුගනියි

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ අපරාධ රැසක් හා ශ්‍රී පාද වන්දාවේ මත්ද්‍රව්‍ය රැගෙන ආ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනිමට සහය දුන් කෝරා සුනඛයා අද අළුයම(29) මිය ගොස් තිබේ.

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 3කට වැඩි කාලයක් රාජකාරි කල කෝරා සුනඛයා අද මෙලෙස මිය ගොස් ඇත.

බෙල්ජියම් මැරනුන් වර්ගයට අයත් මෙම කෝරා සුනඛයාගේ වයස අවුරුදු 8 වන අතර, එම සුනඛයා පැලියගොඩ, අම්පාර, මඩකලපුව, බණ්ඩාරවෙල යන ස්ථානවල සහ අවසන් වරට හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරිය සිදු කර ඇත.

හැටන් පොලිස් කොට්ඨාශයේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සහයෝගය ලබාදි ඇති කෝරා සුනඛයා හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරි කල කාලය තුළ ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන ආ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනිමට සහයෝගය දක්වා ඇත.

මධ්‍යම පළාතේ මහනුවර අස්ගිරිය නිල සුනඛ මුලස්ථානයේ පුහුණුවක් සඳහා කෝරා සුනඛයාව රැගෙන ගිය අවස්ථාවේ කෝරා මිය ගොස් ඇති බව හැටන් පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේය.

Related posts

සජිත්ට දිවුරුම් දෙන්න විතරයි තියෙන්නේ

Admin

ලාංකික දෙමළ සරණාගතයන්ට තමිල්නාඩුවේ නිවාස

Admin

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!

colombotoday

නව කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්

Admin

පුපුරන ද්‍රව්‍ය කඩිනමින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday