ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 06ක් අද (31දා) සිට භාවිතය සහ නිෂ්පාදනය කිරීම තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධ නොවන) , කොට්න් බඩ් ( වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) , හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත් වේ.