Colombo Today Local News

පිපිරීමක් සමඟ වෙළෙඳසැලක ගින්නක්. – ගිනි ඇවිලුණු පුද්ගලයන් ගැන තැකීමක් නොකර වෙළෙඳසැල නිවාදැමීමට උත්සහ කරලා. – දෙදෙනෙක් මරුට.

පිපිරීමක් සමඟ වෙළෙඳසැලක හටගත් ගින්නකින් පසුව සිරුරට ගිනි ඇවිලී දෙදෙනෙකු මියගිය සංවේදී පුවතක් පිළියන්දලින් වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 43 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකු සහ 26 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි.

කෙසේ වෙතත් ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ අදාළ වෙළෙඳසැලේ හිමිකරුවන් විසින් ගිනිගත් වෙළෙඳසැල නිවාදැමීමට උත්සහ කලද සිරුරට ගිනි ඇවිලුණු පුද්ගලයන් ගැන තැකීමක් නොකිරීම හේතුවෙන් ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවූ බවටය.

එසේම ඔවුන් පවසන්නේ මේ දක්වා අදාළ වෙළෙඳසැල පාර්ශවයෙන් මියගිය දෙදෙනා වෙනුවෙන් කිසිදු සොයාබැලීමක් නොකළ බවය.

පසුව ඔවුන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 19 වනදා මෙම ගින්න හටගෙන ඇති අතර සිරුරට ගිනි ඇවිලී රෝහල්ගතකර සිටි දෙදරු පියා 23 වනදා ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරුව ඉකුත් 4 වනදා 26 හැවිරිදි තරුණයාද අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත.

Related posts

ඉන්දියානුවන් පිරිසක් වටවී ජනපතිව අන්දපු හැටි ! (Photo)

colombotoday

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

හරක් කටා රක්ෂිත බන්ධනාගාරයට

Admin

මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂය අපියි

Admin

කවුද මේ? මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

colombotoday

මුලතිව්, කුරුන්තූර්මලෙයි පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය.

colombotoday