Colombo Today Local News

නුවරඑලියේ වෙලදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට – වෙළඳුන් රැසකට දැඩි අවවාද.

නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය නගරයේ සියළුම ආපන ශාලා සහ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් (27) දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් හදිසි පරික්ෂාවකට ලක් කරනු ලැබුහ.

එලඹෙන උත්සව සමය නිමිත්තෙන් නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබාදිමේ අරමුණින් සහ කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව වෙලදසැල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වෙලදුන් දැනුවත් කිරිමට සහ වෙලදසැල් වල තිබෙන අඩුපාඩුකම් සොයා බැලිමේ අරමුණින් මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුහ.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවේදි අපිරිසිදුව ආහාර ද්‍රව්‍ය අලෙවිකල ආපන ශාලා හිමියන්ට දැඩි ලෙස අවවාද කල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මින් ඉදිරියට එවැනි ආහාර ද්‍රව්‍ය අලෙවි නොකරන ලෙසට වෙලදුන්ට දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.

පරික්ෂාවට ලක් කල වෙලදසැල් වල අඩුපාඩුකම් තිබු වෙලදසැල් වල එම අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14 ක කාලයක් ලබාදිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගත් අතර , එම අඩුපාඩුකම් සපුරා නොගන්නා වෙලදසැල් හිමියන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි එම වැටලිමට එක් වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

නුවරඑලිය මහ නගර සභාවේ නාගරික සෞඛය අංශය විසින් මෙම හදිසි පරික්ෂාව සංවිධානය කර තිබු අතර , මෙම පරික්ෂාව සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 30 දෙනෙකු පමණ සහභාගි විය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශනය ඇරඹෙයි

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE කන්නන් අත්අඩංගුවට

colombotoday

පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනතේ නැතැයි ඇමතිගෙන් සහතිකයක්

Admin

පුරාවස්තු විනාශය දෙස බලද්දී කාලිංග මාඝ යුගයයි රනිල් – සිරිසේන යුගයයි අතර කිසිම වෙනසක් නෑ – ගම්මන්පිල

colombotoday

කල්මුණේ තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කෙරේ

Admin