Colombo Today Local News

ඉන්දන මිල සූත්‍රයට ඉදිරියේදී සහනයක්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ඉන්ධන මිල සුත්‍රයට ඉදිරියේ දී සහනයක් ලබාදීමට කටයුතු සිදු කරන බවයි.

ඒ මිල සුත්‍රය තුළ රජයට ලැබෙන 4%ක් වූ ලාභංශය අඩුකර ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු කරන බවයි.

“සියයට බිංදුවේ සිට 4 දක්වා වූ ලාභාංෂය අඩුකර වියදම් විතරක් ආවරණය වන ආකාරයට මිල සුත්‍රය ක්‍රියාත්මක කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, අනෙකුත් LIOC සහ සයිනොපෙක් සමග තරග කිරීම සඳහා අර 4% භාවිතයට දෙන්න අපි උත්සාහ කරන්නේ. මෙච්චර කල් අපිට තිබුණේ 4%ම තියලා පැරණි තිබුණ ණය, බැංකුවලට තිබුණ ණය හිලව් කිරීම සඳහා පසුගිය අවුරුද්දේ අපිට හැකියාව ලැබුණා මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීම නිසා. ඒ ලැබුණ වාසිය ජනතාවට ලබාදීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී කඩිනමින් කටයුතු කරන්න. දැන් අපි උපරිම සිල්ලර මිල ගැසට් කරන්නේ අමාත්‍යාංශයෙන්. එතකොට ඒ උපරිම මිලට තමා CPC එක සහ LIOC එක බොහෝ වෙලාවට යන්නේ. ඊට අඩුවෙන් විකුණන්නේ සයිනොපෙක් එක විතරයි. මේකෙදි හෝ ඊළඟ මිල සුත්‍රයේ දී අපි බලාපොරොත්තු වෙනවා CPC එකටත් උපරිම මිල තියෙද්දි ඊට අඩු මිලකට ඔවුන්ට තරග කරන්න අවස්ථාව දෙනවා.”

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

colombotoday

කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !

colombotoday

ඉන්දු-චීන-ඇමරිකා බල අරගලය මැදින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින්ම ඔසවා තබන සැලසුම ගෝඨා හෙළි කරයි (Video)

colombotoday

කළ වරදට සමාවන්න – පිටදූවේ සිරිධම්ම හිමි මල්වතු මහා නාහිමිට වැද සමාව ගනී (Video)

colombotoday

වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටි

colombotoday