Covid 19

අහඹු PCR පරීක්ෂාවේ ප්‍රතිඵලවලට කලින් පාසලට පැමිණි සිසුවෙකුට කොවිඩ්

වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඉකුත් අඟහරුවාදා දිනයේ සිදුකළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර ඊයේ (25) දිනයේ එම සිසුවා පාසලට පැමිණ ඇතත් පාසල් බලධාරීන් ඔහුව යළි නිවෙස වෙත පිටත්කර යවා තිබුණි.

වටවල කුයිල්වත්ත දමිළ විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා පසුගියදා සියමිත්තණිය සමග මව සහ පියා පදිංචිව සිටින ඔරුගොඩවත්තේ නිවසට ගොස් තිබුණි.

ඉන් පසුව, පෙරේදා (24) දිනයේ යළිත් වටවල දක්වා එන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොළේදී ඔහුට සහ මිත්තණියට අහඹු ලෙස PCR පරීක්ෂාවක් සිදුකර ඇත.

අඹගමුව කොවිඩ් -19 ප්‍රාදේශීය සම්බන්ධීකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. කාමදේවන් මහතා පැවසුවේ එහිදී පාසල් සිසුවා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති බවය.

කොවිඩ් ආසාදිත සිසුවා ඊයේ පාසලට පැමිණ ඇති අතර විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය විසින් ඔහු පාසල තුළට ඇතුළුවීම වළක්වා තිබුණි. ඒ අනුව අද (26)දින එම පාසල් භූමිය විෂබීජහරණයට ලක් කෙරුණි.

Related posts

තවත් කොවිඩ් මරණ 19 ක්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 15ක්

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

කටුනායක නිදහස් වෙළද කළාපයෙන් අදත් කොවිඩ් රෝගීන් 22ක් – මුළු රෝගීන් ගණන 39ක් දක්වා ඉහළට

colombotoday

කොරෝනා හේතුවෙන් කුරුණෑගල පොලීසියේ ඒකකයක් වසා දමයි

colombotoday

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday