World

පාකිස්තාන ගුවන් සේවය විකිනීමට සූදානමක්

පාකිස්තානයේ ජාතික ගුවන්සේවය වන පාකිස්තාන ජාත්‍යන්තර ගුවන්සේවය විකුණා දැමීමට එරට පාලනය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය ජූනි මාසයේදී එරට බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟව ඇති අතර මේ වනවිට පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානයට ඩොලර් බිලියන 3ක අරමුදල් අනුමත වූ අතර අදාළ ගිවිසුම අත්සන් කර සති කිහිපයක් තුළ ජාතික ගුවන්සේවය ඇතුළු පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කර ඇත

පාකිස්තාන මැතිවරණය පෙබරවාරි 08 වනදා පැවැත්වෙයි.

ඊට අදාළ කටයුතු වලින් 98%ක් නිමකර ඇති බව භාරකාර රජයේ පුද්ගලිකකරණය සම්බන්ධ අමාත්‍ය ෆවාඩ් හසන් ෆවාඩ් වැඩො දුරටත් සදහන් කර තිබුනි.

ඉදිරි දින කිහිපය තුළදී ගුවන්සේවය විකිණීමට අදාළ කැබිනට් අනුමැතිය ලබාගැනීමටද නියමිත බව සඳහන් ය.

Related posts

එට්නා ගිනිකන්ද පුපුරා යයි

colombotoday

“ඉස්ලාමය වැළදගනු.. නැතිනම් රටින් යනු“ – මුස්ලිම් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවයි

colombotoday

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

දකුණු අප්‍රිකානු ජනපතිට කොවිඩ්

colombotoday

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

Admin

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහන ගිනි තියයි

colombotoday