Colombo Today Local News

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

ජෙරුසෙලම් නගරය ඊශ්‍රායලයේ අගනුව ලෙස පිළිගන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප විසින් ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකා රජය පලස්තීන තානාපති කාර්යාල ඉදිකිරීම සදහා කොළඹින් ඉඩමක් පරිත්‍යාග කර තිබේ.

කොළඹ, හේවා පටුමගෙහි අංක 4 යන ස්ථානයේ පිහිට එම ඉඩම් කොටසෙහි ඔප්පුව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහයිර් එම්. එච්. සයිඩ් මහතා වෙත පසුගිය (08) ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා- පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා- පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් බිමල් රත්නායක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අබ්දුල්හමීඩ් ඒ. කේ. අල් මුල්ලා යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.

1988 වසරේ දී ශ්‍රී ලංකාව විසින් පලස්තීන රාජ්‍යය පිළිගැනීමට ලක්කළ බවත්, එක්සත් ජාතීන්ගේ සාමාජික -නොවන නිරීක්ෂකයකු වශයෙන් කටයුතු කිරීමට එරටට ශ්‍රී ලංකාව සහය පළ කළ බවත් සිහිපත් කළ විදේශ කටයුතු අමාත්‍ය මාරපන මහතා, පලස්තීනයට එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩවම සහයෝගය ලබා දෙන බවට තානාපති සයිඩ් මහතාට සහතික විය.

Related posts

රට පුරා අදත් තෙල් පෝලිම්.. නැව එන්නේ 09 වැනිදා !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඡායාරූප ගැනීමට නිල ඇඳුම් දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday

කැළි කසල බැහැර කීරීම ගැන ජනපතිගේ ගැසට් පත්‍රයෙන් මූලික අයිතිවාසිකම් කඩලා

colombotoday

වීරයකු ලෙස ඥානසාර හිමි නිදහස් කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමනාකරු චරිත් සේනානායක ඉල්ලයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 07වනදා යළි ඇරේ

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday