Colombo Today Local NewsTop Stories

කාෂ්මීර ත්‍රස්තයින් ලංකාවට? කටුනායක ගිනි ගනී!

ඉන්දියාවේ ජම්මු කාෂ්මීරයේ පෙහෙල්ගාම් හි පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දියාව සහ පකිස්තානය අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

එකී ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරෙන ත්‍රස්තවාදීන් 6 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ අද (03) විශේෂ සෝදිසියක් සිදුකර තිබුණි.

ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් චෙන්නායි සිට පැමිණි යූ.එල් 122 අංකය දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් පැමිණි බවට චෙන්නායි ගුවන් පාලන බලධාරීන්ගෙන් කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ට තොරතුරක් ලැබී ඇති බව වාර්තා වේ.

එම තොරතුර මත කටුනායක ගුවන්තොටුපොළේ අද ගුවන් හමුදාව සහ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරින් ද පැමිණ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගෙන් කල විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ අදාල යානය පරීක්ෂා කළද එම යානයෙන් කිසිදු සැකකටයුතු අයෙක් දිවයිනට පැමිණ ඇති බවට වර්තා නොවු බවයි.

සටහන-සත්සරණී

Related posts

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

colombotoday

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday

ගංජා වැවූ මොනරාගල SSP මාට්ටු

Admin

ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට…

colombotoday

ගිවිසුම් කතා බොරු ඉන්ධන මිල පහල දාන්න පුලුවන්

Admin

විදේශ විනිමය සොයන්න ලංකාවේ කෙසෙල් ඩුබායි යවයි

Admin