World

ඉස්ලාම් ආගමට අපහාසයක්ලු.”ඇස් ගහන කෙල්ලගේ” සිංදුව චිත‍්‍රපටයෙන් ඉවතට

 අන්තර්ජාලය ඔස්සේ එක රැුයකින් කෝටි ගණනකගේ නෙත් සිත් පැහැරගත් ‘ඔරු අදාර් ලව්’ චිත‍්‍රපටයේ ‘ඇස් ගහන පාසල් යුවතියකගේ’ දර්ශනය ඇතුළත් ගීතය ඉන් ඉවත් කිරීමට නියෝග කිරීම සඳහා ඉන්දියාවේ හයිද්‍රාබාද් අධිකරණයක් සූදානම් වන බව වාර්තා වේ.

ඒ අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති නඩුවකට අදාළවයි. තවමත් එළිදක්වා නොමැති මෙම චිත‍්‍රපටයේ  ‘මානික්‍යා මලරායා පූවී’ ගීතය අතිශය ජනප‍්‍රියත්වයට පත්වූයේ පි‍්‍රයා ප‍්‍රකාශ් රංගන ශිල්පිනියගේ ආකර්ශණීය ඇස් ගැසීමේ දර්ශනය නිසාමය.

එහෙත් එය ඉස්ලාම් ආගමට කරන ලද අපහාසයක් බවට පෙත්සම මගින් කරුණු දක්වා තිබුණි. ගීතයේ අන්තර්ගතය හා සැසඳීමේදී ද මෙම තත්ත්පර ගණනක රංගනය ආගමට අවමානයක් බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයන් පවසා තිබුණි. මීට පෙර ද මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් මෙම දර්ශනයට එරෙහිව විරෝධය පළකර තිබුණි. පවතින විරෝධතා හමුවේ චිත‍්‍රපටය එළිදැක්වීම ද කල්තබා තිබේ.

Related posts

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී 30කට වැඩි පිරිසක් අතුරුදන්

Admin

ට්‍රම්ප් කී දේ කරයි… ලෝකය හොල්ලමින් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි !

colombotoday

දකුණු අත්ලාන්තික් සාගරයෙන් බිඳී වෙන් වූ සුවිශාල අයිස් පර්වතයක් කැබැලි වෙයි

colombotoday

ඉන්දුනීසියාවේ ගුවන් යානයක් මගීන් සමගඅතුරුදන්

colombotoday

මැරුණා යැයි කී කිම් ජෝන් උන් කර්මාන්ත ශාලාවක් විවෘත කරයි

colombotoday

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin