World

දකුණු අත්ලාන්තික් සාගරයෙන් බිඳී වෙන් වූ සුවිශාල අයිස් පර්වතයක් කැබැලි වෙයි

දකුණු අත්ලාන්තික් සාගරයෙන් බිඳී වෙන් වී තිබෙන සුවිශාල අයිස් පර්වතයක් කැබැලිවලට බිඳෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

ඒ-68-ඒ ලෙස හඳුන්වන මේ අති දැවැන්ත අයිස් පර්වතය ඇන්ටාක්ටිකාවෙන් බිඳී වෙන් වූයේ 2017 වසරේ දීය. එය සවුත් ජෝර්ජ්යා වෙරළ සමීපයේ පාවෙමින් පවතිනවා. එය නොගැඹුරු මුහුදේ මුහුදු පතුලේ නතර වේ දැයි විද්‍යාඥයෝ විමසිලිමත්ව සිටින අතර මෙම අයිස් පර්වතයේ කැබැලි නිසා බ්‍රිතාන්‍ය මුහුදු ප්‍රදේශයේ ජීවත් වන සීල් මත්ස්‍යයන්ට සහ පෙන්ගුවින් කුරුල්ලන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

(21 සහ 22 දිනවල) ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව මේ අයිස් පර්වතය බිඳී යමින් පවතින බව පැහැදිලිවම දර්ශනය වේ යැයි එක්සත් රාජධානියේ ස්වෝන්සී විශ්වවිද්‍යාලයේ ඒඩ්‍රියන් ලක්මන් පවසයි.

එය මෙතෙක් බිහි වූ දැවැන්තම අයිස් පර්වතයක් ද වේ.

Related posts

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට Band-e-Amir ජාතික වනෝද්‍යානය තහනම් කෙරේ…

Admin

සඳට ගිය චන්ද්‍රයාන්-2 යානය අතුරුදන්. අගමැති මෝදි අභ්‍යවකාශ ප්‍රධානියා සනසයි

colombotoday

කොවිඩ් මිනිස්සුන්ට ආසාදනය වුනේ කොහොමද ?

colombotoday

ඇෆ්ගන් නව රජයේ නායකත්වය තලෙයිබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලාහ් බරාදාර්ට

colombotoday

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

colombotoday