Colombo Today Local News

සාමාන්‍ය පෙල 10 වසරේ දී, උසස් පෙල 12 වසරේ දී

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසන්නේ 11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව යි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයද ඉදිරියේදී 12 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්ය.

එසේම කුඩා දරුවන් සඳහා පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමටද සූදානමින් සිටින බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 120 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

දැනට දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල 100ක් පමණ ඇතැයිද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

Related posts

එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්

colombotoday

“අස්ගිරියටයි, කාදිනල්ටයි කුඩු වෙන්න ගහන්න ඕන” – දඹර අමිල හිමි

colombotoday

ජොන්ස්ටන්ට ඇප

Admin

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Admin

නව මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin