Colombo Today Local News

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

2008 වසරේ කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට  ගෙන සිටින නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඔවුන් දෙදෙනා ලබන 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර ඇති නාවික හමුදාවේ කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට විදේශගත වීම වලක්වාලමින් මහේස්ත්‍රාත්වරිය විසින් මෙහිදී නියෝගයක් ද නිකුත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට එහිදී විත්තියේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 22 වනදා ලබාදීමට නියමිතය.

Related posts

නීතිවිරෝධීව මෙරට 7000ක් සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

colombotoday

විශ්‍රාමික පාරිතෝෂිතය ගැන සුබ පණිවුඩයක්

Admin

ඇමති පුටුව අයින් කරලා සාමාන්‍ය පුටුවක් ගත්තා

Admin

විදුලි බිල්පත් පිළිබදව ජනපති කරුණු විමසයි

colombotoday

මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට

colombotoday

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

Admin