Colombo Today Local News

NVQ 4 උසස් පෙලට සමාන වෙයි

nvq

රැකියාවන්ට බඳවා ගැනීම සඳහා වන සුදුසුකමක් වශයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පිළිගැනීමට රජය තීරණය කර තිබේ.

ඇතැම් මට්ටම්වලදී අධ්‍යාපනික / ශාස්ත්‍රීය සුදුසුකම් වෙනුවට වෘත්තීය සුදුසුකම් පිළිගැනීමට ලක්කිරීම වැදගත් වීම හේතුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම රැකියාවන් බඳවාගැනීම සඳහා වන සුදුසුකමක් වශයෙන් පිළිගැනීමට රජය අවධානය යොමු කර ඇත.

ඒ අනුව NVQ 3 වැනි මට්ටම අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය හා NVQ 4 වැනි මට්ටම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සමත්වීමට සමාන බවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ඉදිරියේදී චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට නියමිතය.

බොහෝ රටවල් ජාතික සුදුසුකම් රාමුවක් නිර්මාණය කර ක්‍රියාත්මක කරන අතර, එමඟින් ශිෂ්‍යන්ගේ ඉගෙනුම් පරිමාව සහ ඔවුන් විසින් අත් කරගනු ලැබ ඇති සුදුසුකම් පිළිගැනීමකට ලක් කරයි. ශ්‍රී ලංකාවේ ජාතික සුදුසුකම් රාමු දෙකක් (02) පවතී. එනම්, උසස් අධ්‍යාපන ආයතන විසින් පිරිනමනු ලබන සුදුසුකම්වලට අදාළ ‘ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව’ සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ආයතන විසින් පිරිනමනු ලබන සුදුසුකම්වලට අදාළ, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම විසින් සංවර්ධනය කරන ලද, ‘ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව’යි. එහෙත් මේ දක්වා ජාතික වෘත්තීය සුදුසුකම පමණක් සැලකිල්ලට ගනිමින් බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගෙන නොමැත. සියලුම ශිෂ්‍යන්ට එක සමාන ආකාරයේ අධ්‍යාපනික/ශාස්ත්‍රීය දක්ෂතා දැක්විය හැකි නොවූවද ඇතැමුන්ට විවිධ රැකියාවන්හි නිරත වෙමින් විශේෂඥතාවන් ගොඩනඟා ගැනීමට හැකි වනු ඇත.

එබැවින් ඇතැම් මට්ටම්වලදී අධ්‍යාපනික/ශාස්ත්‍රීය සුදුසුකම් වෙනුවට වෘත්තීය සුදුසුකම් පිළිගැනීමට ලක් කිරීම වැදගත් වනු ඇත. ඒ අනුව, අදාළ ක්ෂේත්‍රයන්හි බඳවා ගැනීමේ කාර්යය සඳහා NVQ 3 වන මට්ටම අධ්‍යයන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සමත්වීමටත් හා NVQ 4 වන මට්ටම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සමත්වීමටත් සමාන බවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

මීතොටමුල්ලේ තරුණියන්ට බෙදූ තිසර පටවලින් සැකකටයුතු පෙති, ජෙල් වර්ගයක් මතුවෙයි (Photo)

colombotoday

පන්සලේ හාමුදුරුවෝ බොදු බල සේනා රැස්වීම්වලට යනවද? ගොකරැල්ල පොලිසිය ගම්මුන්ගෙන් අසයි

colombotoday

“ජනපති උපතින්ම එජාප විරෝධිකේ… පොදු සතුරා එජාපයයි“ – බස්නාහිර මහඇමති

colombotoday

ලංකා සතොස වාහන අවභාවත කිරීම | රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අත්අඩංගුවට

colombotoday

බණ්ඩි පොහොර තවත් සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

ව්‍යවස්ථාව ගොඩ දාන්න, අලුත් ‘ව්‍යාපාරයක්‘ ඇරඹෙයි.. මූල්‍ය අනුග්‍රහය ඩයස්පොරාවෙන්

colombotoday