Colombo Today Local News

25 හැවිරිදි තරුණියක් අතුරුදහන්. – තරුණිය සොයා යුධ හමුදාව,පොලිසිය එක්ව මෙහෙයුමක.

මව සමග රක්ෂිතයට දර කඩන්න 25 හැවිරිදි තරුණියක් අතුරුදහන්,අතුරුදහන් වු තරුණිය සොයා යුධ හමුදා ,පොලිසිය එක්ව රක්ෂිතයේ මෙහෙයුමක.
සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩිමට ගිය අවු 25 හැවිරිදි තරුණියක් අතුරුදහන් වි ඇති බවත්, අතුරුදහන් තරුණිය සොයා යුධ හමුදාව,පොලිසිය සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් එක් ව (06) දින උදැසන සිට රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ නුවරඑලිය පොලිස් වසමට අයත් ඩන්සිනන් වතු යායේ පහල කොටසේ පදිංචි කට්පුගදාරණි නැමති (25) හැවිරිදි තරුණියයි.
(05) දින උදැසන 9.30 ට පමණ ඩන්සිනන් වතු යායට ඉහලින් පිහිටි ඩන්සිනන් රක්ෂිතයට එම තරුණිය ඇතුල් වු බවත්, එම අවස්තාවේ අතුරුදහන් දියණිය තමන් රක්ෂිතයේ ඉහලට ගොස් දර සොයගෙන එනතෙක් පහල රැදි සිටින ලෙස තමන් පවසා ඇය රක්ෂිතයේ ඉහල කදු මුදුනට ගිය නමුත් යලිත් ඇය පහලට නොපැමිණි බවයි අතුරුදහන් වු තරුණියගේ මව වන එස්.මනෝවනි (58) කියා සිටියේ.

අතුරුදහන් වු දියණිය අපස්මාර රෝගයෙන් පෙලෙන අයෙකු බවත්,ඉද හිට අපස්මාර රෝගය වැලදි මද වේලාවක් යන විට ඇයට සුවවන බවද මව කියා සිටියි.

රක්ෂිතයට පිවිසි දියණිය (06) දින පස්වරු 2 පමණ වන තෙක් නොපැමිණි නිසා තමන් ඒ පිලිබදව නිවසට පැමිණ අසල්වාසින්ට දැනුම් දිමෙන් පසු ඔහුන්ද (05) දින පස්වරුවේ සිට අතුරුදහන් වු දියණිය සොයා රක්ෂිතය පුරා මෙහෙයුමක් දියත් කල බවද මව පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

අබලන් ගොඩනැගිලි හා පරිශ්‍ර පිළිබඳ වහා පියවර ගන්නැයි පළාත් බලධාරින්ට උපදෙස්

Admin

අසාද් සාලිට එරෙහිව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

“ක්‍රිකට් හොරු ගැන එන සතියේ හෙළිකරනවා.. රටම පුදුම කරනවා” – රන්ජන්

colombotoday

ආපදා තත්ත්වයෙන් පාසල් 630ක් වැසෙයි

colombotoday

ඉන්ධන ලබාදෙන දින වෙනස් වෙයි… අලුත් දින මෙන්න

colombotoday

පණ බේරාගෙන ජනතා සේවයේ යෙදෙන්න මන්ත්‍රීවරියන් දෙදෙනෙක් අලුත් පිස්තෝල ඉල්ලයි.

colombotoday