Colombo Today Sports News

ක්‍රිකට් තහනම සාධාරණ නෑ. ICC පරික්ෂයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. නුවන් සොයිසා මාධ්‍යයට කියයි. Video

තමාට අසාධාරණ ලෙස ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා පවසනවා.

2018 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පුහුණු වීම් කරමින් සිටියදී ICC දුෂණ මර්ධන කමිටුව සාවද්‍ය චෝදනා නගමින් තමාව අත්අඩංගුවට ගනිමින් හිංසාකාරී ලෙස සලකූ බව නුවන් සොයිසා මහතා අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරන ලදි.

ICC දුෂණ විරෝධී ඒකකයේ පරීක්ෂණ සැප්තැම්බර් 12 දින පැවති බවත් එහිදී සියලුම සාක්ෂි තමාගේ වාසියට තිබුණු බවත් තමා කිසිදා නොකළ වැරදිවලට වරදකරු කරමින් ඊයේ (20) ICC ය මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් තමාට ඉතා අසාධාරණයක් සිදුකල බවත් ඒ මහතා පැවසීය.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයට, එක්සත් අරාබි එමිල් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මෙයට එරෙහිව ගත හැකි සියලුම නීති ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ වෙනුවෙන් රසිකයන් තමාට ශක්තිය ලබා දෙනු ඇති බවත් නුවන් සොයිසා වැඩිදුරටත් පවසයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නැතැයි මුරලිදරන්ගෙන් සහතිකයක්.

colombotoday

(VIDEO) ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා ගමන අරඹයි

colombotoday

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

colombotoday

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin

ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාවට ඓතිහාසික පරාජයක්… Asia cup මුල් වටයෙන්ම ඉවතට…

colombotoday

කුසල් මෙන්ඩිස්ගෙන් අදත් 0 ක්. | ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වෙයි.

colombotoday