පසුගියදා “මගෙන් රටට” සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් NSBM උපකුලපතිවරයා සම්බන්ධ යැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කරන ලදි.
ටෙන්ඩර් අක්‍රමිකතා, ආයතනයේ සේවකයන් සහ දේපළ උපකුලපතිවරයා විසින් පෞද්ගලික පරිහරණය කිරීම, ලිංගික අල්ලස් ඇතුළු චෝදනා රැසක් අදාළ මාධ්‍ය හමුවේ දී එල්ලවිය.
NSBM ආයතනයේ උපකුලපතිවරයා සමඟ විධායක ශ්‍රේණියේ නිලධාරීන් කිහිප දෙනෙකු එකතු වී සිදු කරන මෙම වංචා සහගත ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍ය හමුවෙන් පසු NSBM ආයතනයේ මානව සම්පත් කළමනාකාරීවරිය වන යශෝධා වෙත්තසිංහ මහත්මිය විසින් සංජය මහවත්ත මහතාට එරෙහිව කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.