Colombo Today Local News

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

(NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය මගින් යෝජනා වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ එම වෛද්‍ය උපාධිය පිරිනැමීමට නියමිතය.

එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමට අපේක්ෂිත ය.

හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීම පිණිස NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

NSBM ආයතනය රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයකි.

Related posts

“S තුනෙන් බාල වෛද්‍යවරු බිහිකරන කොතලාවල පනත එපා” – වෛද්‍ය සිසුන් පාර්ලිමේන්තුව අසල විරෝධතා

colombotoday

බන්ට් එකේ කුඩු නෝනා අත්අඩංගුවේ

colombotoday

කොරෝනා හැදෙන නීතිඥවරුන්ට පහසුකම් ඉල්ලා නීතිඥ කුවේරා ද සොයිසාගෙන් ලිපියක්. | බහුතර නීතිඥවරු එපා කියයි.

colombotoday

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුල සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි. නව ආරක්ෂක ලේකම් මේජර් දයා රත්නායකද?

colombotoday

ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි

colombotoday