Colombo Today Local News

රනිල් වික්‍රමසිංහට හිතක් – පපුවක් හා තෙතෙමනයක් නෑ – අනුර කුමාර දිසානායක

වර්තමානයේ රටේ පවතින අර්බුධයට රනිල් වික්‍රමසිංහ මහතා උත්තරයක් වන්නේ ඔහු හිතක් පපුවක් මෙන්ම කිසිම තෙතමනයක් නොමැති අයෙකු බවත්, ඒ වගේම ඔහුට රටේ ඔීනෑම දෙයක් විකුණන්න සුදුසුකම් ඇති අයෙකු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) නුවරඑළියේදී පැවැසීය.

නුවරඑළිය නව නගර ශාලාවේ පැවැති එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ මහතා ඒසේ කීය. එහෙදී තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා

රනිල් වික්‍රමසිංහ මහතා මේ ආණ්ඩුවට සුදුස්සා වන්නේ අපේ රටේ ජාතික සම්පත් කිසිඳු තෙතමනයක්, හිතක් පපුවක් නොමැතිව විකුණන්න පුළුවන් නිසා. එයා දැන් දාලා තිබෙන කැබිනට් පත්‍රිකාවක් හිල්ටන් හෝටලය, ග්‍රෑන් ඔරියන්ටල් හෝටලය, ගෆුර් ගොඩනැගිල්ල, විදේශ කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ල වගේම මහ තැපැල් කාර්යාලීය ගොඩනැගිල්ල විකුණන්න. ඔන්න ඒවා විකුණලා ඩොලර් ටිකක් හොයා ගනීයි. ඔන්න ඒ ඩොලර් ටිකෙන් තෙල් ටිකක් ගෙනත් දෙයි. ඔච්චරයි රනිල්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොහෙන් හරි ණයක් ගනියි. හැබැයි මේ අර්බුධයට ඒක විසඳුමක් නෙවෙයි.

මා මේක මාධ්‍යයට වාර්තා කරන ලෙස ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ ඔබගේ ආණ්ඩුවේදී ඩුබායිවල පෞද්ගලික බැංකුවක ඩොලර් බිලියනයක් සගවාගෙන තිබෙනවා යයි ආපු තොරතුරක් අනුව ඒ වේලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තු මේන්තුවේ (එෆ්. සී. ඩී. අයි) ප්‍රධානියා රවි විද්‍යාලංකාර මහතාත් අල්ලස් දුෂණ කොමිෂන් සභාවේ හිටපු දිල්රුක්ෂි ඩයස් අධ්‍යක්ෂක ජනරාල් තුමියත්, තවත් ප්‍රසිද්ධ නීතිඥ මහත්තයෙකුත් ඩුබායිවලට ගියා ඒ පිළිබදව පරීක්ෂණ කරන්න. ඩුබායි සාමාන්‍යයෙන් ගත්තොත් ඇමැරිකාවට ගැති රටක්. එම පරික්ෂා කිරීම් සඳහා මංගල සමරවීරත් ඇමරිකාවෙන් සහාය ලබා ගත්තා. හැබැයි ඒ පරීක්ෂණ අතරමගදි නතර උනා. මම දැන් අහන්න කැමැතියි රනිල් වික්‍රමසිංහගෙන් චීනය වටේ, ඉන්දියාව වටේ යන්න අවශ්‍ය නැහැ. එදා ඔබගේ ආණ්ඩුව ඩොලර් බිලියනයක් ඩුබායිවල හංගලා තිබෙන බව පරික්ෂා කරන්න යව්වානේ. දැන් ඒකට මොකද කරන්නේ. ඒ පරීක්ෂණ ඉස්සරහට කරනවද කියලා අපි රනිල් වික්‍රමසංහගෙන් අහන්න කැමැතියි.

ක්‍රිෂාන්තන්

Related posts

කොළඹ පිටකොටුවේ ලංගම බස් රථ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර මිහිපිට අපායක්

colombotoday

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දියාව සතුයි

colombotoday

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

colombotoday

අත්හිටුවා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා යළි ඇරඹේ

colombotoday

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියකට වැසේ

colombotoday

“හොරු ඇල්ලීමේ බලය අපිට තිබුණා නම් මහින්ද ඇතුළු නඩේම හිරේ” – අනුර දිසානායක

colombotoday