ඉදිරි ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට තොරාගැනීමට ඉතිරිව ඇත්තේ විකල්ප දෙකක් පමණක් යැයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරි මහතා පවසයි.
ඉන් පළමුවැන්න වන්නේ ජනාධිපතිවරණය වර්ජණය කිරීම බවත්, දෙවැන්න වශයෙන් ජනාධිපති අපේක්ෂක එම්.කේ. ශිවාජිලිංගම්ට සහය ලබා දිම බවත් ඔහු කියා සිටී.
ද්‍රවිඩ සන්ධානය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ 5ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ කරුණු දහතුන දකුණේ කිසිදු අයෙකු විසින් ලබා දීමට එකග නොවන යෝජනා බව ඔවුන් ප්රත්යක්ෂ කරගත යුතුව තිබුණු බවද සංගරි මහතා පෙන්වා දෙයි.