World

උතුරු කොරියාව ඇමරිකාවට සහ දකුණු කොරියාවට අනතුරු අඟවයි.

එක්සත් ජනපදය සහ දකුණු කොරියානු හමුදාව සිය ඒකාබද්ධ යුද අභ්‍යාසයන් සූදානම් කරමින් සිටින අතරතුර උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ (Kim Jong Un) සහෝදරිය වන කිම් යෝ ජොන්ග් (Kim Yo Jong) පැවසුවේ එක්සත් ජනපදය සහ දකුණු කොරියාව “අනතුරුදායක යුද අභ්‍යාසයන් නොකරන ලෙස අපි නැවත නැවතත් කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම තුළින් වඩාත් බරපතල ආරක්‍ෂක තර්ජනයකට මුහුණ දීමට සිදු වේ.” යනුවෙනි.

කිම් යෝ ජොන්ග් විස්තර කළේ හමුදා අභ්‍යාසයන් “දේශද්‍රෝහී” ක්‍රියාවක් බවයි, එය උතුරු කොරියාව ආක්‍රමණය කිරීමේ පෙරහුරුවක් ලෙස සලකන බව ඇය කියා සිටියේය.

ලබන සතියේදී පූර්ණ යුද අභ්‍යාස සිදු කරන බැවින් එක්සත් ජනපදය සහ දකුණු කොරියානු හමුදාව අද සිය මූලික පුහුණුවීම් ආරම්භ කරති.

කෙසේ වෙතත්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මාර්ටින් මයිනර්ස් කියා සිටියේ මෙම අභ්‍යාසයන් “අන්‍යෝන්‍ය එකඟතාවක්” බවයි. 1950-1953 කොරියානු යුද්ධයෙන් පසු එක්සත් ජනපදය දහස් ගණනක් වූ හමුදා සාමාජිකයින් දකුණු කොරියාවේ ස්ථාන ගත කර ඇති අතර එය තවමත් සාම ගිවිසුමක් නොමැතිව සටන් විරාම යටතේ පවතී.

2018 දී ට්‍රම්ප්ගේ පාලන සමයේදී උතුරු සහ දකුණු කොරියානු නායකයින් දෙදෙනාම සිංගප්පූරුවේදී හමු වී ඇතත්, කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිහරණය කිරීම දිගින් දිගටම ප්‍රශ්නකාරී වීම හේතුවෙන් හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා සහ කිම් අතර පැවති දෙවන සමුළුව හැනෝයි හිදී බිඳ වැටුණි.

උතුරු කොරියාව සිය අසල්වැසියන් සමඟ ඇති සබඳතා බොහෝ දුරට නවතා දමා ඇති අතර කිම් ඉල්ලා සිටියේ කොරියානු අර්ධද්වීපයේ සාමය ඇති කළ හැක්කේ එක්සත් ජනපදය දේශසීමාව හරහා සිය හමුදාව ඉවත් කළහොත් පමණක් බවයි.

කිම් යෝ ජොං පැවසුවේ එක්සත් ජනපද මිලිටරි තර්ජනය හේතුවෙන් උතුරු කොරියාව ශක්තිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් පවත්වාගෙන යන බවයි.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි

Related posts

ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝනිස්තානයේ ළමුන් ඇතුළු 12ක් මරුට

colombotoday

VIDEO: ලෙබනනයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටට ISIS මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 40ක් මරුට 200කට බරපතලයි

colombotoday

පිලිපීනයේ වැඩවලට ඇගිලි ගහන්න ගිය ඔබාමාට පිලිපීන ජනපති අමු කුණුහරුපෙන් අමතයි !

colombotoday

“මාසයක් තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය වනසනවා“ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට අල් හුසේන් උරණ වෙයි !

colombotoday

ජෝ බයිඩන් ඇද වැටෙයි

Admin

කකොව්කා ජල විදුලි බලාගාරයේ වේල්ල පුපුරා යුක්රේනයේ නගර 80 යට වෙයි

Admin