Colombo Today Local News

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරනු ! අලුත් ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනාවක්

national flag 2545

ශ්‍රී ලංකාවේ ජාතික ධජයෙන් සිංහයා ඉවත් කර සියළු ජාතීන් නියෝජනය වන සංඛේතයක් ඇතුළත් කළ යුතු බවට උතුරේ ක්‍රියාත්මක වන කාන්තා සංවිධානයක් නව ව්‍යවස්ථාවට යෝජනා ලබාදෙමින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

පෙරේදා (10) නව ව්‍යවස්ථාවට යෝජනා ලබාදීම සදහා මන්නාරමේදී සංවිධානය කර තිබූ සැසියකදී මේ පිළිබදව යෝජනා ඉදිරිපත් වී ඇති අතර ජාතික ධජයට ඇතුලත් කර ඇති සිංහයාගේ රුව ප්‍රචණ්ඩත්වයේ සංකේතයක් ලෙස දකින බව ප්‍රකාශ කර ඔවුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ‍තවද එම රුව, එක් ජනවර්ගයක් පමණක් නියෝජනය කරන බැවින්ද, සියළු ජන වර්ග නියෝජනය කරන අන්දමේ ජාතික ධජයක් සකස් කළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.

තවද, කාන්තා සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් ස්වාධීනව සහ නිද‍හසේ කටයුතු කළ හැකි කොමිසමක් පිහිටුවීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ක්‍රියාමාර්ග ගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කර ඇත. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට දැඩි නීතිරීති ගෙනා යුතුය ඉල්ලීම මෙහිදී ඉදිරිපත් කර ඇත. කෙසේ වුවද, දේශපාලන කටයුතු වලදී කන්තාවන්ට 50% ක නියෝජනයක් වෙන්කිරීමත්, ජාතික ලැයිස්තුවෙන් 30% ක නියෝජනයක් වෙන් කළ යුතු බවත් මෙහිදී ප්‍රකාශ කර ඇත.

Related posts

හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

වෑන් රථයක් පෙරළී කතක් මරුට – 10කට තුවාල

Admin

රනිල් කියන්නෙ පිරුණු කළයක්…

colombotoday

දුමින්ද සිල්වාට සමාව දීම අභියෝගයට ලක් කරමින් හිරුනිකා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

මහින්දගෙ කාලෙත් රුපියල 14%කින් බැස්සා… ඒකාබද්ධය අත දරුවන් වෙන්න හදනවා – මුදල් ඇමති

colombotoday

ගාල්ලේ පුංචි මන්ත්‍රී ගොඩම මහින්දට.. ශ්‍රිලනිප යත් අතහරින්න සූදානම්

colombotoday